මම මේක ලියන්න පටන් ගන්න විධි ගොඩක් හිතුවා. ගොඩක් වෙලාවත් නාස්ති කලා. මොකද මේක මගේ පළවෙනි blog post එක. අන්තිමේදි මං තීරණය කළා කෙලින්ම කාරණාවට බහින්න. මොකද මේ සීතල ආවෙ එක පාරටනෙ. ගිය අවුරුද්දේ, ඒ කියන්නෙ මීට මාස 2කට කලින් අපි හිටියෙ ග්‍රීස්මෙන් හෙම්බත් වෙලා, ඒ අවුරුද්දේ තමයි කාලගුණ වාර්තා වල රස්නෙම මාසයට හිමි තැන දිනා ගෙන ඉන්නෙ..... එහෙම වෙලත් මේ හදිස්සියෙම අපි මේ සීතලේ වෙවුලන හැටි දැක්කම සතුටු වෙන්නත් හිතෙනව.....ඒත් මට බය හිතෙනව. අපි හිතනවට වඩා මේ සොබාදහම හරිම බලසම්පන්නයි. මං ඔයාලට ලියන්න හිතුවෙත් අපි මෙච්චර කල් සොබාදහමට කරපු දේවලුත්, ඒවයින් අපිට අනික් පැත්තට හම්බවුණ දේවලුත්, මුළු මනුෂ්‍ය සංහතිය වෙනුවෙන්ම අපිට කරන්න පුළුවන් දේවලුත් ගැන කතා කරන්න කියලා. ඉතින් මේ සීතල ගැන ගත්තොත්, ලංකාවෙ කොළඹ නගරයේ අවුරුදු 62කින් වාර්තා වුණ අඩුම උෂ්ණත්වය වාර්තා වෙනවා. සුද්දන්ගෙ රටේ අවුරුදු 26කින් වාර්තා වුණ අඩුම උෂ්ණත්වය ලු. එතකොට මහ රැජිණ ගෙ රටේ සීතල නැති කරන්න ගල්ෆ් කලාපයේ මුහුදු රැලි වලින් අරන් එන උණුසුම මදි ලු. මේවා සීතල ගැන කියවෙන නිකම්ම නිකන් වාර්තා විතරයි. ඒත් මේ සීතල නිසා මාලුයි කුරුල්ලොයි එයාලගෙ ජීවිත වලින් වන්දි ගෙවනවා. මං දෙයියන්ගෙන් ඉල්ලනවා මට මේ කතාව මිනිස්සු සම්බන්ධයෙන් කියන්න වෙන එකක් නෑ කියලා.......
No comments:
Post a Comment