අපි දන්නවා අපි වැරදි කරනවා නං සොබාදහම් මාතාවගෙන් අපි දඩුවම් ලබනවා කියල. (අපි සොබාදහමට කියන්නේ සොබාදහම් මාතාව කියල නේ). ඒ දඩුවම් සමහර වෙලාවට තරවටු කිරීම් විතරයි. "ජීවිත හානි වලින් තොර දේපල හානි". සමහර ඒවා ඇත්තටම දරුණුයි. "මහා විශාල ස්වභාවික විපත්". ඒ හැමදේම අපි හැදෙයි කියල බලාපොරොත්තුවෙන් කරපු අනතුරු ඇඟවීම් විතරයි. ඒත් කවදාහරි අපි සමස්ත ලෝකයටම තර්ජනයක් වුනොත් අපි ඩයිනසෝරයන් වගේ අතුගෑවිල යාවි. නැත්තන් සමහර විට අර මුරණ්ඩු ළමයි කරනවා වගේ මුළු ගෙදරම විනාශ කරගෙන ඒ විනාශයේම මියදෙන්නත් පුළුවන්.
මං දන්නවා මේ කියන ගොඩාක් දේවල් අපේ වැඩිහිටි පරම්පරාවට තේරුම් කරලා දෙන්න අමාරුයි. මොකද එයාල ජීවත් වුනේ ස්වභාවික සම්පත් යහමින් තියෙන, එක්කෙනාට එක්කෙනා කපාගෙන නැගිටින්න හදන යුගයක. ඒත් අපි තරුණ පරම්පාරාව දන්නවා මේකේ තියෙන බරපතලකම ගැන. අපිට හිතන්න වෙලා තියෙනවා අපිට පස්සේ එන පරම්පරාවට අපි මොකද කරන්නේ කියල. අපි ඔවුන්ගේ ජීවිත උදුරගන්නවද, රකිනවද කියල. මන් දන්නවා කිසිම කෙනෙක් කැමති නෑ මරණයක සාක්ෂි කාරයෙක් වෙන්න කියල. අන්න ඒ නිසා අපි හැමෝම එකතු වෙලා හරි තනි තනියෙම හරි දැනට ඉතුරු වෙලා තියෙන ස්වභාවික සම්පතුත් සුන්දරත්වයත් ආරක්ෂා කරගමු.
චිත්‍රයක් අදින චිත්‍ර කාරයෙක් එයාගේ චිත්‍රය පාට පාට දාල ලස්සනට අදිනකොට, වැරදීමකින් හරි ඒ පාට එකකට එකක් මිශ්‍ර වෙලා කළු පාට පැල්ලමක් ඇති උනොත් එක්කෝ චිත්‍රය විසි කරනවා නැත්නම් කළු පැල්ලම මකල දානවා. ඒත් ඒ වර්ණ එකතු වෙලා චිත්‍රය තවත් ලස්සන කරනවා නම් ඒ ලස්සන තවත් මතු කරගන්නවා.
චිත්‍ර කාරයා ස්වාභාවදර්මයෙන් ඉපදුනු පුද්ගලයෙක්. ඉතින් ඔහුත් සොභාදහමත් අතර වෙනසක් තියෙන්න විදිහක් නෑ නේද?